(සුජිත් හේවාජුලිගේ)
මේ මොහොතේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය.
තිබූ නීතිය අහෝසි කිරීමෙන් ඒ වෙනුවට සකස් කරමින් පැවතුණ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නතර වී ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේය
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට වන බැවින්, ව්‍යවස්ථාදායකය වහාම ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව ඇතැයිද
ඔහු පෙන්වා දුන්නේය.

