පළාත් කෘෂි ඇමැති මල් සභාපතිට පහර දෙයි


( ඞී.කේ.රත්න සහ විජේරත්න රත්නායක)

ඌව පළාත් කෘෂිකර්ම ඇමති උපාලි සමරවීර මහතා අද (06) තමාට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පහර දුන්නේ යයි ඇල්ල මල් සංගමයේ සභාපතිවරයා බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ.
 
ඇල්ල සුපිපි සුවහස් මල් සංගමයේ සභාපති අතුල බංඩාර විජේකෝන් මහතා මෙම පැමිණිල්ල බදුල්ල පොලීසියට සිදු කර ඇත.
 
මෙම මල් සංගමයේ සභාපතිවරයා උමාඔය ව්‍යාපෘතිය නිසා තමාට හා තම ප‍්‍රදේශයේ මල් වගාවලට විශාල විනාශයක් සිදුවූ බවට කෘෂිකර්ම අමාත්‍යවරයාට ලිපියක් බාරදීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදු කර ඇතයි පොලීසියට පැමිණිලි කර තිබේ.
 
බදුල්ල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.