පළාත් කීපයකට තද වැසි


(ඩයනා උදයංගනී)

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වලත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (7) දිනයේදී මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. නැගනහිර පළාතේ සහ මුලතිව්, හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.