පළාත් කීපයකට ඩෙංගු අවදානමක්


(රංජන් කස්තුරි)

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඩෙංගු උණ රෝගය තදින් පැතිර යාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජයසේකර මහතා පවසයි.

විශේෂයෙන් බස්නාහිර බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල ඩෙංගු උණ රෝගය තදින් පැතිර යා හැකි බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

මේ වසරේ ගෙවී ගිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7860 දෙනකු වාර්තා වී තිබෙන බව ද කී ඒ මහතා, මැයි මාසයේදී පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු උණ රෝගීන් 859 දෙනකු හමු වූ බව ද  කියයි.

තවද ඩෙංගු හා කොවිඩ් රෝග වල සමාන රෝග ලක්ෂණ පැවතිය හැකි අතර උණ, හිසරදය සහ ඇඟපත වේදනාව යන රෝග ලක්ෂණ ඩෙංගු හා කොවිඩ් රෝහල්වලට පොදු ලක්ෂණ වන බවද අනුර ජයසේකර මහතා සඳහන් කළේය.