පළාත් කීපයකට අද තද වැසි


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75 ට වැඩි තරමාක තද වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති වේ.