(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (2) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් ජනතාව අනතුරු වළක්වා ගැනීමට පියවර ගත යුතු බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

