පළාත් ඇමැති වල් අලි ප්‍රශ්නයට මැදිවේ


දෙමාසයක සිට ගමට වල් අලින් වදිතියි කියමින් මාතලේ මඩවල උල්පත කැටවල ගම්වැසියෝ අද එහි පැවති දිවි නැගුම  වැඩසටහනක හා පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක මහතාට විරෝධය පෑහ.

පාරේ වාඩිවී ටයර් ද පුළුස්සමින් රතිඤ්ඤා පත්තුකරමින් ගැමියන් කියා සිටියේ අලි ප්‍රශ්නයට වහා විසඳුමක් දෙන ලෙසයි.

පළාත් සභාවට අලුතින් තේරී පත් වූ දිසානායක මහතා පැවසුවේ සතියකින් විසඳුමක් දෙන බවයි.