පළාත් ඇමැති උපුල්ගේ කථාවෙන් පොලිසිය ගිනි ගනී


මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ වහාම පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල් ගසා මරා දමන බවට දකුණු පළාත් අමාත්‍ය ඩී. වී. උපුල් කළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පති උපදෙසින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසිය.

‘අපි මේ ප්‍රකාශය ඉතාම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඔහු කළ භයානක ප්‍රකාශයට දණ්ඩනීති සංග්‍රහයේ 486වෙනි වගන්තිය යටතේ වසර 7ක සිරදඩුවමක් ලැබිය හැකියි. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ට මරණිය තරජන සිදුකිරීම වැනි තව කරුණු අනුව ඔහුට උපරිම දඩුවමක් ලබා දෙන්න පුළුවන්.‘

පළාත් අමාත්‍ය ඩි වී උපුල්  එම ප්‍රකාශය කළ අවස්ථාවේ පාර්ලිම්න්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද වේදිකාවේ සිටි බව වාර්තා විය.