පළාත් ආණ්ඩුකාරවරු 5ක් දිවුරුම් දෙති


(අජන්ත කුමාර අගලකඩ)  
 

පළාත් ආණ්ඩුකාරවරු පස් දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
 
කොළඹ නාගරික මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් සිටි අසාද් සාලි මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා ලෙස පත් කර තිබේ.
 
පසුගිය දා ජනාධිපති නීතීඥවරයකු ලෙස පත් කැරුණු   මෛත්‍රී ගුණරත්න  මහතා දිවුරුම් දුන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි.
 
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් අතර උතුරු මැද මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ පේෂල ජයරත්න මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේය.
 
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ එම්  එල් ඒ එම් හිස්බුල්ලා  මහතාය.