රංජන් කස්තුරි
පළාත් සභා හයක මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වීමට හැකිවෙතැයි අපේක්ෂාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය එම කොමිෂන් සභා කාර්යාලයේදී අද (24) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
සබරගමුව , උතුරමැද , සහ නැගෙනහිර දැනටමත් විසිරී තිබෙන අතර ලබන සැප්තැම්බර් මාසයේදී මධ්‍යම උතුර සහ වයඹ යන පළාත් සභා තුනේ නිල කාලය අවසන් වන බවද ඒ අනුව එම පළාත් සභා හයේම මැතිවරණය ලබන දෙසැම්බර් මස 15 වැනිදිනට පෙර පවත්වා අවසන් කිරීමට අපේක්ෂා කරන බවද එහිදී දේශප්‍රිය මහතා කීය.
පළාත් සභා මැතිවරණය තව දුරටත් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් මූලධර්ම වලට සම්පුර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් බවද පළාත් සභා ඡන්දය කල් දැමීමට එරෙහිව රට තුළ ජනමතයක් ගොඩනැගිය යුතු යැයිද එහිදී මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය බධාවකින් තොරව පැවැත්වීම සඳහා දැනට තිබෙන ගැටලුවලට පාර්ලිමේන්තුව හරහා විසඳුම් ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවලින් ලිඛිත ඉල්ලීමක් කර තිබෙන බවද ඔහු කීය.