ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුව පිහිටැ වු ආකාරයට පළාත් සභාවලද එම සංකල්පයටම ක්‍රියාත්මක කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් කරන බව වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ජේ.සී අලවතුල මහතා වයඹ පළාත් සභාවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
අලවතුවල මහතා සමඟ මෙවර පාර්ලිමේන්තුවට තේරි පත්වු වයඹ පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වයඹ පළාත් සභාවේ විපක්ෂයේ සංවිධායක හෙක්ටර් අප්පුහාමි, තුෂාර අමරසිංහ, අශෝක ප්‍රියන්ත මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වුහ. ඔවුන් සියළු දෙනාගේ නම් තවමත් ගැසට් කර නොතිබු බැවින් පළාත් සභා රැස්වීමට සහභාගි වීමට අවස්ථාව හිමිවී තිබුණි.
මහ මැතිවරණයට ඉදිරිපත් වු වයඹ පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරුන් දසදෙනාගෙන් පස්දෙනෙකුම පාර්ලිමේන්තුවට පත් කිරිම ගැන වයඹ ජනතාවට ස්තුතීය පුද කරන බවද අලවතුවල කීවේය.


