පළමුවටයේ කොරෝනා ආසාදිතයන් 500 ඉක්මවයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 541 දෙනකු අද (4) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,66,737 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 474 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,42,010 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.