පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන ප‍්‍රධානතම සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලිය හෙට (09) ආරම්භ වේ. ක‍්‍රීඩා සමාජ 20 ක් සහභාගි වන මෙම තරගාවලියේ අවසන් මහ තරගය ජනවාරි මස 5 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර (2012/2013) අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය නව සැලැස්මකට අනුව පැවැත්වෙන නිසා බොහෝ පිට පළාත් ක‍්‍රීඩා සමාජ ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසක් සමගින් මෙවර තරගාවලියට පිවිසීමට සූදානමින් සිටියි. මෙවර තරගාවලියේදී කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් තුන බැගින් කණ්ඩායම් හයක් පහත දැමීමට නියමිතය. කොළඹ ප‍්‍රධාන ක‍්‍රීඩා සමාජවල වසර ගණනාවක් ක‍්‍රීඩා කළ චාමර සිල්වා, ප‍්‍රසන්න ජයවර්ධන, ඩිල්රුවන් පෙරේරා සහ සුජීව සිල්වා ඇතුළු ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැුසක් පානදුර ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ. රාගම ක‍්‍රිකට් සමාජයට වසර ගණනාවක් ක‍්‍රීඩා කළ ඉන්දික ද සේරම්, මුවර්ස් ක‍්‍රීඩා සමාජයට ද, හලාවත මේරියන්ස් පිලේ නිත්‍ය සාමාජිකයන්ව සිටි ගයාන් විජේකෝන් සහ දිනුක් හෙට්ටිආරච්චි, සී.සී.සී. පිලට ද ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති. තරගාවලියට සහභාගි වන කණ්ඩායම්: ‘ඒ’ කාණ්ඩය: එන්.සී.සී., කෝල්ට්ස්, ද්‍රවිඩ සංගම්, මුවර්ස්, බදුරලිය, වරාය අධිකාරිය, සැරසන්ස්, සී.සී.සී., පානදුර සහ කුරුණෑගල තරුණ ‘බී’ කාණ්ඩය: එස්.එස්.සී., හලාවත මේරියන්ස්, බ්ලූම්ෆීල්ඞ්, ලන්කන්, රාගම, නාවික හමුදා, යුද හමුදා, ගුවන් හමුදා, බී.ආර්.සී. සහ ගාල්ල හෙට (09) පැවැත්වෙන තරග
  • බදුරලිය සහ සී.සී.සී අතර මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී
  • ද්‍රවිඩ සංගම් සහ සැරසන්ස් අතර පී. සරා ක‍්‍රීඩාංගණයේදී
  • වරාය අදිකාරිය සහ පානදුර අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී
  • මුවර්ස් සහ කුරුණැගල තරුණ අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී
  • එන්.සී.සී සහ කෝල්ට්ස් අතර එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී
  • මේරියන්ස් සහ එස්.එස්.සී. අතර එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී
  • රාගම සහ ගුවන් හමුදා අතර බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී
  • යුද හමුදාව සහ බ්ලූම්ෆීල්ඞ් අතර පනාගොඩ ක‍්‍රීඩාංගනයේදී
  • නාවික හමුදාව සහ බී.ආර්.සී. අතර වැලිසර ක‍්‍රීඩාංගනයේදී
  • ගාල්ල ක‍්‍රිකට් සමාජය සහ ලන්කන් අතර ගාල්ල ක‍්‍රීඩාංගණයේදී