පළමු කොටස වෙනුවට දෙවැනි කොටස දීලා?


දෙහිවල ප්‍රෙස්බටේරියන් විද්‍යාලයයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාවක ඉරිදා (23) පැවැති ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රෙය් පළමු වැනි කොටද බෙදීමට නියමිත වේලාවේ දෙවැනි කොටස බෙදා විනාඩි දහයකට පමණ පසු නැවත එකතු කරගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

ඉන් පසු පළමු වැනි ප්‍රශ්න පත්‍රය බෙදා ඇති බවත්, විවේක කාලයෙන් පසු මුලින් බෙදූ දෙවැනි ප්‍රශ්න පත්‍රය බෙදා ඇති බවත්, විවේක කාලයේ දී ඇතැම් සිසුන්ට හරි ආකාරව ආහාර ගැනීමට පවා ඉඩ දී නැති බවත් අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.

මේ ගැන විමසීමට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතාට ඇමතුම් කිහිපයක් ගත්තත් ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.