පහළ යාන්ඔයෙන් ඉඩම් අහිමිවූවෝ ප්‍රා.ලේ කාර්යාලය වටලති


(පැතුම් දර්ශන)
 
 පහළ යාන්ඔය ව්‍යාපෘතියෙන්  අහිමි වූ ඉඩම් සඳහා වන්දි ලබාදීම ප්‍රමාද වීමත් ඒ සඳහා රජයේ මැදිහත්වීම අවම මට්ටමක පවතින බව  පවසමින් ඉඩම් අහිමි වූ ජනතාව අද (2) විරෝධතාවයක් ඇරඹුහ.
 
ඔවුහු මේ වන විට හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලා තිබේ. 
 
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ යාන්ඔය ව්‍යාපෘතියට යටවන මාවතවැව, වාගොල්ලාකඩ, අලියාකඩ, යන ගම්මානවල ජනතාව මෙම විරෝධතාවයට එක්වූහ. 
 
හොරව්පොතාන පොලිසිය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබේ.