පහර දුන් අය දන්නවා


ජපුර සරසවි සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන් තිදෙනෙකුට පහර දුන්නේ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් යැයි තමන් හඳුනා ගෙන ඇතැයි ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජික කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමියෝ සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කීහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා පැවැසුවේ මෙම සිද්ධිය ගැන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, එක් අයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යන බවත්ය.