පහර කෑ විදුලි සේවකයන් 5 ක් ජාතික රෝහලට



 
අමල් වික්‍රමරත්න
 
විදුලිබල මණ්ඩලයේ සේවකයන් 5 දෙනෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව විදුලිබල සේවක සංගමයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

අද දින සිට ආරම්භ කරන වැඩවර්ජනය සඳහා සියලුම ශ්‍රේණි වලට අයත් සේවකයන් සම්බන්ධ වී සිටින බව පවසන ජයලාල් මහතා මණ්ඩලයේ දුෂණ අක්‍රමිකතා වලට විසදුම් ලබා දෙනවා වෙනුවට පොලිසිය යොදවා සිදුකළ පහරදීම තරයේ හෙළාදකින බව සඳහන් කරයි.

ඉදිරියේදී සිදුවන ස්වාභාවික විදුලි බිඳ වැටීම් යාවත්කාලීන කිරීම සිදු නොවීමෙන් ඇතිවන ප්‍රශ්න වල සියලු වගකීම් ප්‍රශ්නවලට විසදුම් ලබා නොදෙන පාලන අධිකාරිය භාර ගතයුතු බවද පැවසීය.