(විජේරත්න රත්නායක )
පස්සර - කණවැරැල්ල නැගෙනහිර ග්‍රාම නිළධාරී වසමේ ඇටකෙහෙලන්ද ප්‍රදේශයේ අද (15) උදේ සිදුවූ නායයාමක් හේතුවෙන් ප්‍රදේශයේ මාර්ගයක් සම්පූර්ණයෙන් අවහිර වී ඇටකෙහෙලන්ද වෙල්යායේ කොටසක්ද හානියට පත් වී තිබේ.
නායයෑමෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවූ අතර ඒ ආසන්නව පදිංචි එක් පවුලක් ඉවත් කෙරුණු බවද යළි වර්ෂාව පැමිණිය හොත් වහාම නිවෙස්වලින් ඉවත්ව ආරක්ෂාකාරී ස්ථානවලට යන ලෙස ඒ අවට පදිංචි පවුල් 34 ක් දැනුවත් කළ බවද පස්සර ප්‍රාදේශීය ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය පැවසුවාය.
ඇටකෙහෙලන්ද වෙල්යායේ සිට මැණික් ගඟ ආසන්නයට මීටර් 500 ක පමණ දුරක් පැතිරුණු මෙම නායයාම අද (15) දහවල් වන තුරුත් සක්‍රියව පැවැතුණු අතර ඉන් හිඟුර, ක්ලබ් හන්දිය දක්වා අන්තර් ගම්මාන මාර්ගයේ මීටර් 100 ක පමණ කොටසක් සම්පූර්ණයෙන් වැසීයාමෙන් ගලකුඹුර, කහපිල, වැවේකැලේ කණවැරැල්ල වත්ත පහළ කොටස හා උඩුකුඹුර යන ප්‍රදේශවල විශාල ජනතාවක් මාර්ග පහසුකම් නොමැතිවීමෙන් අසීරුතාවයට පත්ව ඇත.