(ඩයනා උදයංගනී)
පස්සර ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරියේ වරදක් හේතුවී ඇත්දැයි සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි මහතා පැවසීය.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙක් ද ඇතුළත්ය.
තමන් තිදෙනා අනතුර සිදුවූ ස්ථානයට ගොස් තොරතුරු සොයාබැලූ බව ද ලේකම්වරයා සඳහන් කළේය.
මාර්ගයේ අනතුර සිදුවූ ස්ථානයට ඉකුත් වසරේ නොවැම්බර් 22 වැනිදා පෙරලී ඇති ගල් පර්වතය මෙතෙක් කල් ඉවත් නොකිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද මෙහි දී සොයාබලන බව ප්‍රේමසිරි මහතා කීවේය.

