පස්ස පැත්තේ රන් කැබැල්ලට ලක්ෂයක් දඩ


රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා රත්තරන් කැබැල්ලක් සිරුරේ සඟවාගෙන දකුණු ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි අලුත්ගම රෙදි වෙළෙන්දකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සහකාර රේගු අධිකාරී ගයාන් අමරසේකර මහතාට ඇතිවූ සැකයක් මත ඔහු පරීක්ෂා කැරිණි. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී විජේවර්ධන මහතා විසින් සැකකරුට රුපියල් ලක්ෂයක දඩ නියම කර රන්කැබැල්ල රාජසන්තක කළේය. රේගු අධිකාරී ඊ ඒ ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධිකාරී ඒ බී ඉෂඩීන් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන පී ශිවපාලන්, චන්දිම කරුණාරත්න, ගයාන් සේනාරත්න, චරිතා හෙට්ටිගොඩ, ආර් ඒ ඩී ප්‍රසන්න, නුවන් බංඩාර සහ රුචිර කරුණාතිලක යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.