රුපියල් විසි ලක්ෂ තිස් දහසක් වටිනා රන් කැබලි හතරක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් පනස්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී.එන් හෙට්ටිආරච්චි මහතා විසින් අද සිදු කළේය.
මෙසේ දඩ නියමු වුයේ කොළඹ පදිංචි විසිහතර හැවිරිදි තරුණයෙකුටය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ග්‍රෑම් හාරසිය හතක බරින් වු එම රන් කැබලි උපත්පාලන කොපු වල බහා කාබන්කොල වල ඔතා තිබු බවයි.
මොහු එයාර් ඉන්ඩියා ගුවන්සේවයට අයත් ඒ.අයි 273 දරණ ගුවන් යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී.එන් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමනේ රේගු අධිකාරිවරුන් අචල චන්ද්‍රසේකර, ඩබ්ලිව්.බී සමරකෝන් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.එන් විෙජ්සිරි, එම්. සිරිවර්ධන, අසංක ප්‍රියදර්ශන, එම්.එම්.එල්.එස්.සී කුමාර, එච්.ආර්.එම්.ඩබිලිව් බංඩාර,ආර්.එම්.සී.එන් ලංකා සහ නිරෝෂිකා පතිරන යන නිලධාරීහු සිදුකළහ.

