පස්ස පැත්තෙන් ලක්ෂ 50ක යුරෝ එළියට
රුපියල් හැත්තෑ දෙලක්ෂයක යුරෝ හා සෞදි රියාල් සිරුරේ ද යට ඇඳුමක ද සඟවාගෙන සිංගප්පුරුවට හා චෙන්නායි නුවරට යාමට ආ ගෙලිඔය ලාංකිකයකු හා ඉන්දියා ජාතිකයකු සැකපිට අද අලුයම අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි. ශ්‍රී ලංකිකයා දහතුන් වතාවක් ද ඉන්දියා ජාතිකයා 73 වතාවක් ද සිංගප්පුරුවට හා චෙන්නායි නුවරට ගොස් ඇත. ශ්‍රීලාංකිකයා හොරෙන් රැගෙන යාමට තැත් කළ මුදල රුපියල් ලක්ෂ පනහකට වැඩි යැයි කියති. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන එම්.ආර්. රාජ් මොහාන් හා ජුඩ් නිලුක්ෂණ මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.

