පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව ශ‍්‍රී ලංකාවට
ජර්මනියේදී පැවැති ලෝක කණ්ඩායම් මේසපන්දු තරගමාලාවේ පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ (1 වැනිදා) සමත්විය. ශ‍්‍රී ලංකා මේසපන්දු ක‍්‍රීඩා ඉතිහාසයේ ලෝක තරගාවලියකදී මෙරට කණ්ඩායමක් අවසන් පුර්ව වටය දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ශ‍්‍රී ලංකාව අන්තර්ජාතික මේසපන්දු තරගාවලියකදී දැක් වු ඉහළම දස්කම ද මෙය වේ.
පස්වැනි කාණ්ඩයේ අවසන් තරගයේදී මොන්ගෝලියාව හමුවේ තියුණු තරගයකින් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරග 3/2 ක් ලෙස පරාජය ලැබුහ.
ටෝගෝ රාජ්‍යය පරදවා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ශ‍්‍රී ලංකා පිල එහිදී ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටුබැගෝ පිල තරග 3/2 කින් පරදවා අවසන් තරගයට සුදුසුකම් ලබාගත්හ.
ජාතික මේසපන්දු ශූරයා වන රොහාන් සිරිසේන, නිර්මල ජයසිංහ, දිනේෂ් දේශප‍්‍රිය ශ‍්‍රී ලංකා පිරිමි පිල නියෝජනය කළහ. මෙම දස්කමත් සමග ශ‍්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායම ලෝක මේසපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ රටවල් 120 ක් අතරින් 98 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ශ‍්‍රී ලංකා කාන්තා පිල මෙම තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසෙමින් රටවල් 92 කින් ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 67 වැනි ස්ථානය හිමි කර ගත්තේය. ඉෂාරා මධුරංගි, එරන්දි වරුසවිතාන සහ උමායා තාරුකී ශ‍්‍රී ලංකා කාන්තා පිලට ක‍්‍රීඩා කළහ.

