පස්වස් කොළ සැලැස්ම ලෑස්තියි


රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරි වසර පහේදී ක‍්‍රියාත්මක කළ යුතු සැලැස්ම එක්සත් ජාතික පක්‍ෂය මේ වන විටත් සකසා ඇතැයි ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රටේ අනාගත පාලනය හිමිවන්නේ එක්සත් ජාතික පක්‍ෂයට බවට ජාත්‍යන්තරයේ ද විශ්වාසයක් ගොඩ නැඟී ඇතැයි කී හර්ෂ ද සිල්වා මහතා ඉදිරියේ දී ජාත්‍යන්තර සහය ද රටේ ආර්ථිකය දියුණු කරන බව කීවේය.

පසුගිය කාලයේ ගමන් කළ වැරදි ආර්ථික මාර්ගයෙන් රට මුදා ගැනීම දින 100කදී කළ නොහැකි බව කී ආචාර්ය සිල්වා මහතා රට නිවැරදි ආර්ථිකයක් කරා ගෙන ඒමේ අඩිතාලම එම කාලයේ ද දැමූ බවද සදහන් කළේය.

web1