නාලක සංජීව දහනායක
දිවයිනේ සියලූම ප‍්‍රදේශවල පස්වල ගුණාත්මකභාවය මැන බැලීම සඳහා සිදුකරන ලද පාංශ පරීක්‍ෂණ කටයුතු මේ වනවිට අවසන් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගොවීන් රසායනික පොහොර භාවිතයේදී ඒ ඒ ප‍්‍රදේශයන්හි පාංශු ව්‍යුහයන්හි රසායනික තත්ත්වයන් පිළිබඳව සැළකිලිමත් නොවීම නිසා මතුපිට පාංශු ස්ථරය ¥ෂණයට ලක්වීම, අස්වැන්න අඩුවීම, වගාවන්ට හිතකර කෘමීන් විනාශවීම, වගාවන්ට අහිතකර පලෑටි වර්ග බෝවීම වැනි තත්ත්වයන් හේතුවෙන් අස්වැන්න අඩුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස`දහන් කරයි.
දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පාංශු පරීක්‍ෂාකර එම ප‍්‍රදේශයන්හි පස්වල අඩංගු පොස්පරස්, පොටෑසියම්,සල්ෆර් වැනි රසායනික ද්‍රව්‍යවල ප‍්‍රතිශතය හඳුනාගනිමින් ඊට ගැලපෙන පරිදි රසායනික පොහොර යෙදිය යුත්තේ කුමන ප‍්‍රතිශතයකින්ද යන්න ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක්ද මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
ගොවීන් අනවශ්‍ය ලෙස පසට රසායනික පෙහොර එක් කිරීමෙන් කිසිඳු ප‍්‍රතිඵලයක් අත්නොවන බවත්, කාබනික ගොවිතැන හා ජෛව තාක්‍ෂණය උපයෝගි කරගනිමින් ගොවිතැන් සිදුකිරීමෙන් පාංශු ස්ථරයේ සඵලතාවය ඉහළ යන බවත් වගාවට හිතකර කෘමීන් ගහනය ඉහළ යාමට එය හේතුවක් වනබවත් පරීක්‍ෂණ මගින් තහවුරු වී තිබේ.