(යොහාන් භාසුර)
ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 12 කට ආසන්න සංඛ්‍යාවක් අද (26) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
මොණරාගල පොලිස් කොට්ඨාසයේ බඩල්කුඹුර සහ මැදගම සිද්ධීන් දෙකක්, බණ්ඩාරවෙළ පොලිස් කොට්ඨාසයේ ගෙඩියාරොද සහ ගෝනමොටාව සිද්ධීන් දෙකක්, ලුණුගල පල්ලේකිරුව, හපුතලේ පුබුදු නුවර, හැටන් රුවන්පුර සහ වවුනියාව සින්නකුලම යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රදේශ රැසකින් එම සිද්ධීන් වාර්තා වී ඇතැයි පොලිසිය කීය.
එම සිද්ධීන් අතරින් හපුතලේ පුබුදු නුවර ශ්‍රී රතනමංගලාරාම විරස්ථානයේ ගෑස් ලිප පිපිරීම කැපී පෙනේ.
මෙම සියලුම පිපිරීම් සිද්ධීන්වලින් ගෑස් ලිප් නැවත ප්‍රයෝජනයට ගතනොහැකි ලෙස විනාශ වී ඇති බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

