පස්දුන් රටේ අවුරුදු ගමක්


වලල්ලාවිට වෙදවත්තේ ගැමියෝ පැරැණි සිරිත්  වලට මුල් තැන දී අවුරුදු උළෙලක් සංවිධානය කළහ.ගමේ ප්‍රභූවරයා වූ ආරච්චි ගෙදර ඔහුගේ සශ්‍රීකත්වය සංකේතවත් කරන වී බිස්ස ද එහි විය. තවත් තැනෙක  ගම්සභා ශාලාව ද කමත ද  ගැමි ගෙදර ද තනා තිබිණි.  ආරච්චි ගෙදරට අවුරුදු ගමන් ආ සියලු දෙනා ආරච්චි හා මැණිකේ විසින් පිළිගනු ලැබූහ. ඔන්චිලි වරම් , රබන් වැයුම්, ජන ගායනා , කොට්ටා පොර , කණා මුට්ටි බිඳිම, ලිස්සන ගස නැගීම ආදි අවුරුදු ක්‍රීඩා රැසක් ද පැවැති මේ සඳහා මීගහතැන්න පොලිසිය වෙදවත්ත තරුණ පිරිස මිරිස්වත්ත වීදී නාට්‍ය කණ්ඩායම සහ වෙදවත්ත ව්‍යාපාරික පිරිස මේ සඳහා මූලිකත්වය ගත්හ