පස්කඳු කඩාවැටී ගිනිගත්ගල - බෙරගල මාර්ග ඇනහිටියි


(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)


පැවැති ධාරාණිපාත වර්ෂාවත් සමග අද (28) සවස  හල්දුම්මුල්ල ගිනිගත්ගල සහ බෙරගල මන්තැන්න මාර්ගයට පස්කඳු කඩාවැටී එම මාර්ග දෙකේම ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාෙද්ශීය සභා සභාපති උපුල් හෙට්ටිගේ මහතා පැවැසීය.


ගිනිගත්ගල මාර්ගයේ නායගිය ස්ථානයේ තවදුරටත් පස්කඳු, ගල්, ගස් පෙරළෙමින් පවතින  බැවින් ඒ ආසන්නයට යාම අවදානම් බව ඔහු පැවැසීය.  


 බැකෝ යන්ත්‍ර යොදා මන්තැන්න මාර්ගයේ නායගිය පස්කඳු ඉවත් කිරීම ආරම්භ කර ඇතැයිද උපුල් හෙට්ටිගේ මහතා පැවැසීය. මෙම නායයෑම් සමග ගිනිගත්ගල, කිරිමැටිය ආදී ගම්මාන කිහිපයක ජනතාව කොටුවී සිටිති.