පස්කන්දක් කඩා වැටී පතල්කරුවෙක් මරුට



 
(ඩී.කේ.රත්න) 
 
මඩොල්සිම පිටමාරුව ප‍්‍රදේශයේ පතලක් කපමින් සිටි පුද්ගලයින් පිරිසක් මතට පතලේ පස් කන්දක් කඩා වැටීම නිසා එයට යටවීමෙන් එක් පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් මඩොල්සිම රෝබේරිය රෝහලට ඇතුළත් කර ඇතැයි මඩොල්සිම පොලීසිය කියයි.


මඩොල්සිම පිටමාරුව පදිංචි ආර්.එම්.ආරියරත්න නැමති 41 හැවිරිදි පුද්ගලයකු මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ.


පුද්ගලයින් තිදෙනෙකු විසින් පිටමාරුව ප‍්‍රදේශයේ පතල කපමින් සිටියදී එම පතලේම මස් කන්ද කඩා වැටීම නිසා මෙම සිද්ධියට මුහුණ පා ඇත.


තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් දෙදෙනාගේ තත්වය එතරම් බරපතල නොමැති බවද රෝබේරිය රෝහල් ආරංචි මාර්ග පවසයි.