(මනෝප‍්‍රිය ගුණසේකර)
පස් හැවිරිදි වියේ පසුවු දැරිවියකුට ලිංගික අතරවරයක් කිරීමේ චෝදනාවකට වැදකරු වු 76 හැවිරිදි වියේ පසුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 8ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (31) නියම කළේය.
සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අතවරයට ලක් වු දැරියට රුපියල් 50,000/-ක වන්දියක් ගෙවීමට ද නියම කළේය.
2009 වසරේදී විත්තිකරු මෙම අපරාධය සිදුකරන විට දැරිය 5 හැවිරිදි වියේ පසුවු බව නඩු විභාගයේදී හෙළි විය.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.