පස් වියැති බිළිඳා ඝාතනය කර පියාද දිවි නසා ගනී


(දිනේෂ් උපේන්ද්‍ර ) 

                                                                           
බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පියෙකු විසින් පස් මස් බිළිඳෙකු කපා කොටා ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇතැයි කුලියාපිටිය පොලීසිය සඳහන් කරයි.

     
එසේ ඝාතනය කොට තිබුණේ බිංගිරිය ඉහළ කඩිගමුව ප්‍රදේශයේ පස්මස් වියැති බිළිදෙකු වූ අතර ඝාතනය කළැයි කියන බිළිඳාගේ පියාද එම ස්ථානයේ දී පුපුරන ද්‍රව්‍යක ආධාරයෙන් සිය දිවිහානි කරගෙන ඇතැයි පොලිසිය කියයි.
     
බිළිඳා ඝාතනය කිරීමට මත්තෙන් බිරිඳට සිය ගම් ප්‍රදේශය වන බදුල්ලට යාමට කළ ආරාධනාව ප්‍රතික්‍ෂෙප කිරීම ගැටුමට හේතුව වියහැති බව පවසන ප්‍රදේශවාසියෙකු මුලින් බිරිඳ කපා කොටා දමා ඇති අතර ඒ ගැටුම බේරීම සඳහා මැදිහත් වු  තිබූ බිරිඳගේ මව හා පියාද කපා කොටා පසුව බිළිඳා ඝාතනය කර ඇත.
     
සිද්ධියෙන් මියගොස් තිබුණේ පස්මස් බිළිඳා සහ ඔහුගේ පියා වූ කන්දකැටිය බදුල්ල ලිපිනයේ පදිංචිකරුවෙකු වූ අමිත් නැමැත්තෙකු වූ අතර තුවාල ලැබූ බිරිඳ හංසමාලා ධනංජනී හා බිරිඳගේ පියා වූ ජේ එම් ගුණසේන නැමැති හිටපු ග්‍රාමනිළධාරී වරයා ද සිද්ධියෙන් බරපතල තුවාල ලබා කුලියාපිටිය මූලිකරොහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව ශල්‍යාගාරයට ඇතුළත්කොට තිබිණ. 

බිරිඳගේ මව ද තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කර ඇත.