පස් කන්දක් නිසා බදුල්ල - කොළඹ මාර්ගය වැසේ


(අජිත්ලාල් ශාන්ත උදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

බදුල්ල කොළඹ මාර්ගයට බෙලිහුල් ඔය,සීලෝගම දී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමලය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.

මෙම මාර්ගයේ ගමන් ගන්නා වාහන රියැදුරන්ට විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස ද පොලිසිය ඉල්ලා සිටියි.

දැනට එම මාර්ගයේ විශාල තදබදයක් පවතින බවද පොලිසිය දැනුම් දෙයි. 

අද අලුයම 1.00 පමණ පැවැති වර්ෂාවත් සමග එම පස් කන්ද කඩා වැටී ඇත. 

ඡායාරූප වයි.ඒ.එස්.වීරවංශ