පස් කන්දක් කඩා වැටී තරුණයෙක් මරුට


 (රංජිත් රාජපක්ෂ    )   
                
නිවසක් මතට ගසක් සමඟ පස් කන්දක්  කඩා වැටිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ  තරුණයෙකු මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය කියයි.
 
ඊයේ (05) රාත්‍රී සිදු වු මේ අනතුරින් මිය ගොස් ඇත්තේ නාවලපිටිය ගෝනාවලපතන ප්‍රදේශයේ පදිංචි ලහිරු ගමගේ නැමති (20 )හැවිරිදි තරුණයෙකි .
 
ඊයේ රාත්‍රි 8.30 පමණ නිවසට ඉහළින් තිබු විශාල ගසක් සමග පස් කන්දක් කඩාගෙන විත් නිවසේ විසිත්ත කාමරය යට වි ඇත.
 
එම විස්ත්ත කාමරයේ සිටි මිය ගිය තරුණයා සහ ඔහුගේ සොහොයුරා සිට ඇති අතර මිය ගිය තරුණයා පස් වලට යට වි සිටියදි ප්‍රදේශවාසින් විසින් බේරාගෙන නාවලපිටිය මුලික රෝහල වෙත  රැගෙන යන  අතරතුර මිය ගොස් ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසයි.
 
මෙම අනතුරින් මිය ගිය තරුණයාගේ සොහොයුරාද සුළු තුවාල ලබා ඇත.
 
අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ පදිංචි අනෙකුත් සමාජිකයන් වෙනත් කාමර වල සිටි නිසා ඔහුන්ට මෙම අනතුරින් කිසිදු තුවාලයක් සිදු වි නොමැත.
 
නාවලපිටිය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම ගස සහ පස් කන්ද කඩා  වැටි ඇති බව පොලිසිය පවසයි.