( හැටන් රංජිත් රාජපක්‍ෂ)
නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ප්‍රදේශයේ නිවසක තාප්පයක් ඉදිකිරිමට කපා තිබු වලක බැස මැනිමි කටයුතු සිදුකරමින් සිටි පෙදරේරුවෙකු පස් කන්දකට යටවි මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
අද පෙරවරුවේදී කැපු අත්තිවාරමි වලේ කමිබි එලිම සදහා මැනිම් කටයුතු වලට බැස ඇති පෙදරේරුවා ( කොන්ත්‍රාත්කරු) පස්කන්දට යටවි තිබේ. ඒ අසල සිටි තවත් පෙදරේරුවන් දෙදෙනෙක් සිටි ඇති අතර ඔහුන් ඉන් දිවි ගලවාගෙන තිබෙනවා.
පස්කන්දට යටවි සිටි පෙදරේරු කොන්ත්‍රාත්කරු නාවලපිටිය පොලිසිය මගින් බැකෝ යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් ගොඩ ගෙන නාවලපිටිය රෝහල වෙත ඇතුලත් කළ අවස්ථාවේ මියගොස් ඇති බවයි නාවලපිටිය මුලික රෝහලේ අධ්‍යක්‍ෂක නිහාල් විරසුරිය මහතා පැවසුවේ. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ පදිංචි ගාමිණී ෆොන්සේකා නැමැති තිදරු පියෙකි.
කොන්ත්‍රාත්කරුගේ හා නිවැස් හිමියාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුවි ඇති බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතා පැවසුවේ.
සිද්ධිය පිළිදව නාවලපිටිය පොලිසිය පරික්‍ෂණ පවත්වයි.




