පස් කන්ද දෙදෙනෙක් රෝහලට යවති


(සමන් පාලිත නානායක්කාර සහ ඇල්ල ප්‍රසාද් රුක්මල්)

හාලිඇල රොකතැන්න වතුයායේ නිවාස කිහිපයක් මතට අද (11) උදෑසන පස්කන්දක් කඩාවැටී දෙදෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව ප්‍රදේශීය ලේකම් කාර්යාලය කියයි.

මෙසේ පස් කඳු කඩා වැටීමෙන් නිවාස හතරකට හානි සිදුවී ඇති බවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.

සිදුවීම කළමනාකරණය කර ගැනීම සඳහා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාලිඇල පොලිසිය ආපදා සහන ඒකකය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එක්ව සිදුකරන බවත් මෙම සිදුවීම සමග පදිංචි ස්ථානවලින් කිසිවකු ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගී නොමැති බවත් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි.

මෙම ස්ථානයේ පස් කඳු වලට යටවී තුවාල ලැබූ දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.