පස් කන්ද ගොඩනැගිල්ල බිමට සමතලා කරයි


(ප්‍රසාද් රුක්මල්)

බණ්ඩාරවෙල තන්තිරිය ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ විශාල පස්කන්දක් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඒ අසල නවතා තබා ලොරි රථ දෙකකට , කැබ් රථයකට බරපතළ ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

ඇද හැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ අඩි 150ක් පමණ උසින් පිහිටි පස් කන්දක් එක්වරම මෙසේ ගොඩනැගිල්ල මතට කඩා වැටී ඇති අතර , ඒ සමගම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඒ අසල නවතා තිබූ ලොරිරථ දෙකක ට ,කැබ් රථයක ට අලාභහානි වී ඇති බවත් පොලිසිය සදහන් කළේය .

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් කිසිවකුට හෝ කිසිදු අනතුරක් සිදු වී නැතැයි පොලිසිය පැවසීය .