ලේඛකයකු, පශ්චාත් උපාධිධරයකු හා බුද්ධි අංශ සාමාජිකයකු බව කියන පුද්ගලයකු මොරගහහේන වීදියගොඩ හා අවට මිනී මැරුම් ඇතුළු නඩු 50කට පමණ හවුල්යැයි කියන සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
ආසන්නම හේතුව වී ඇත්තේ ගෙවල් දෙකකින් ජංගම දුරකතන සොරකම් කිරීමේ සිද්ධියක් බවත් පොලිසිය පවසයි.
ලැප්ටොප් පහක් හා ජංගම දුරකතන දෙකක් සමඟ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා හා තවත් අයකුට එරෙහිව නඩු 50ක් පමණ ඇතැයි පොලිසිය පවසසයි.
ඔහු විසින් පොත් දෙකක්ද ලියා ඇත.

