පවුලේ පහක් පෝරකේට


බෙලි අත්ත ගැටමාන්නේ ලියනාරච්චි විජිත (32) 1996 දී කඩුවලින් කපා මරා දැමීයැයි වැරැදි කරුවන් වූ එකම පවුලේ පස් දෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා අද මරණ දඬුවම නියම කළේය. ඔස්ටින් ගාමිණී (පුතා) මේනකා දමයන්ති (ලේලි) ගුනවතී අබේවික‍්‍රම (මව) බී.ජී රිචඞ් ශාන්ත (පුතා) හා බී.ජී. ඔස්මන් චමින් (පුතා) එසේ මරණ දඬුවම් නියම වූවෝය. නඩු තීන්දුවට පෙර විත්තිකාර කේ.ජී නිහාල් මියගියේය.