පවුල් ආර්ථිකයට විසඳුම් දෙන නව ඒකකයක්


රොමේෂ් ධනුෂ්ක ද සිල්වා
 
පවුලේ ආර්ථිකය පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීම සඳහා නව ඒකකයක් පිහිට වූ බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී පැවසීය.

අළුතින් පිහිටුවන ලද පවුල් ආර්ථික ඒකකය මගින් පවුලේ ආර්ථිකයේ ඇති වියදම, ආදායම, එය රටේ ආර්ථිකයට කෙරෙන බලපෑම මෙන්ම රටේ ආර්ථිකය පවුලේ ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳ සොයා  බලනවා. 

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ අලුත්  ඒකකයක් ආරම්භ කරනු ලැබුවා. ඒ තමපවුල් ආර්ථික ඒකකය, ජාතික ආර්ථිකය පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා. එසේම ඒවා ක්‍රියාත්මක කරනවා. නමුත් ගෙදර ආර්ථිකය පිළිබඳ තොරතුර අප ලබාගත යුතු වෙනවා යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.