පවිත්‍රා එනකල් වැඩබලන්න චන්න ජයසුමන


(අජන්ත කුමාර අගලකඩ)

 

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යළි සේවයට වාර්තා කරන තෙක් එම ධූරයේ වැඩබැලීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන මහතා පත්කරනු ලැබ ඇත.

වැඩබලන අමාත්‍යවරයා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබයි.