අමල් වික්‍රමරත්න
පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද,කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ,බුලත්සිංහල,ඉංගිරිය ,පාලින්දනුවර ,වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑමෙ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයට ඇතුලත් ප්‍රදේශ ලෙස සඳහන් කර ඇත.
විශේෂයෙන් එම දිස්ත්‍රික්ක වල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නාය යෑමේ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ වල ජීවත්වන ජනතාව පවතින වැසි සහිත තත්වය අඛණ්ඩව පැවතුනහොත් එම ප්‍රදේශ වලින් ඉවත් වියයුතු බව සඳහන් කරයි.
මේ වනවිට බද්දේගම ,ඉංගිරිය,අගලවත්ත,යන ප්‍රදේශවලට මි.මි.100 ඉක්මවූ වැසි පවතින බවත් ඉදිරි පැය 24 තුල බස්නාහිර,සබරගමුව පළාත්වලටත්,ගාල්ල සහ මාතර දිස්ත්රික්ක වලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වැසි පවතින අවස්තාවලදී තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපැය 06 සඳහා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

