පලෙයි වෙඩි තැබීම ගැන පොලිසිය වෙනස් ඇහැකින් බලයි


(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය පලෙයි පොලිස් බල ප්‍රදේශයේදී  ඊයේ (8) රාත්‍රීයේ සිදු වූවායැයි කියන වෙඩි තැබීමෙන් පුද්ගලයක් තුවාල වූවායැයි කියන සිදුවීම සැක සහිත බවට පලෙයි සහ කිලිනොච්චිය පොලීසිය පවසයි.

තුවාලලත් පුද්ගලයා බෝම්බ නිශ්ක්‍රීය අංශයක සේවය කිරීම හේතුවෙන් කිසියම් පුපුරණ ද්‍රව්‍යක් පරික්ෂා කිරීමට යාමේදී සිදු වූ පිපිරීමකින් මෙම අනතුර සිදු වූ බවත් එය වසන් කිරීම සඳහා වෙඩි තැබීමක් වූ බවට ප්‍රකාශ කලේද යන්න පිළිබඳව සැකසහිත බවටත්  පලෙයි පොලීසිය හා කිලිනොච්චිය පොලීසිය සඳහන් කරයි.

පලෙයි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සිවනන්ද මූර්ති සුරේනද්‍රන් නැමත්තා බෝම්බ නිශ්ක්‍රීය කරන පෞද්ගලික ආයතනයකට සම්බන්ධ පුද්ගලයකු වන අතර ඔහු ඊයේ (8) රාත්‍රියේ කිලිනොච්චිය රෝහලට ගොස් ආපසු පලෙයි පිහිටි සිය නිවසට පැමිණෙන අතරතුර කිසියම් පුද්ගලයෙකු නිවස ආසන්නයේ සිට තමන්ට වෙඩි තැබූ බවට තුවාල සිදු වූ පුද්ගලයා පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත් පොලීසිය විසින් වෙඩි තැබුවේ යැයි කියන ස්ථානයේ කරන ලද පරික්ෂා කිරීම් වලින් කිසිවක් හමු වී නොමැති අතරම වෙඩි වැදුණූ බව කියන පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදු කරන ලද සැත්කමකින් ඔහුගේ පපුව ආසන්නයේ වැදී තිබූ බයිසිකල් බෝලයක් ඉවත් කොට ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවට වෛද්‍යවරුන් පවසයි.

එසේ නොවන්නට තුවාල සිදු වූ පද්ගලයාගේ සිරුරේ තිබී ගත් බයිසිකල් බෝලයට අනුව පෞද්ගලික ආරවුලක් මත කිසියම් පුද්ගලයෙක් විසින් බයිසිකල් බෝල දමා සාදන ලද පතුරමක් යොදා ගල්කටස් වර්ගයේ ගිනි අවියක් යොදා වෙඩි තබන්නට ඇති බවටද සැකයක් පල වන බවටද අදාල සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පලෙයි පොලීසිය හා කිලිනොච්චිය පොලීසිය කියයි.