
(කුෂාන් ජයවර්ධන)
පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ විදුහලක 11 වසර පංතිය තාවකාලිකව වසා දැමුණු බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
කලුගල උස්සාන ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාධිතයකු වර්තාවීමත්, ආසාධිතයාගේ දරුවකු අදාල විදුහලේ 11 වැනි වසරේ ඉගෙනුම ලැබීමත් ඊට හේතු වි තිබේ.
මෙලෙස කොවිඩ්-19 ආසාධිතව ඇත්තේ කලුගල උස්සාන ප්‍රෙද්ශයේ පදිංචි පුද්ගලයකුටය. ඔහු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු බවත්, එහිදී සිදුකර තිබූ පි.සී.ආර්. පරීක්ෂණයකදී එම පුද්ගලයා ආසාධිත බවට අද හදුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
මේ වනවිට එම අසාධිතයා අනුරාධපුර මහ රෝහල වෙත යොමු කිරීඹට පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන තිබේ. ඔහුගේ බිරිය දරුවන් හා සහෝදරයා එම බිරියද මවද ඇතුලු පවුල් දෙකක පුද්ගලයින් 9 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පලාගල සෞඛ්‍ය බලධාරීහු මේ වනවිට කටයුතු කර ඇත. නිරෝධායනයට යොමු කර ඇති එම පිරිස අතර සිටින මව වයස අවුරැදු 71 ක් බව සෞඛ්‍ය අංශ කියයි.
අසාධිතයාගේ දරැවා ඉගෙනුම ලබන බව කියන විද්‍යාලයේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම විද්‍යාලයේ 11 වසර පංතියද හෙට සිට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
එම ආසාධිතයා අද දිනයේ එම ගම්මානයේ පැවැති අවමංගල්‍යාධාර සමිතියකට ද සහභාගී වී ඇති බවට සෞඛ්‍ය අංශ මේ වනවිට අනාවරණය කර ගෙන තිබේ.

