(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
පලාගල ප්‍රාදේශීය සභා ඉතිහාසයේ පළමුවරට එහි සභික ධුරයක් සඳහා භික්ෂුන් වහන්සේ නමක් පත්ව ඇත.
මෙලෙස තේරීපත්ව ඇත්තේ පලාගල ප්‍රාදේශීය සභාව සඳහා අංක 05 දානියගම කොට්ඨාසයෙන් පොදුජන පෙරමුණෙන් තරඟ කළ පූජ්‍ය කලෝගහඇල සාරානන්ද හිමියෝය.
පලාගල කිරිඳිවත්ත බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිපති ධුරන්ධර උන්වහන්සේ මානව හිතවාදී ගෞරව නාමයෙන් පිදුම් ලබා සිටින සමස්ථ ලංකා සාම විනිසුරුවරයෙකි.
පලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධූරයක් සඳහා භික්ෂූන් වහන්සේ නමක් මැතිවරණයට ඉදිරිපත් වූ හා තේරී පත්වූ ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.