සිරංගිකා ලොකුකරවිට
ගාල්ල මකුළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පොකුණක දිය නෑමට ගිය 17 වියැති පිරිමි දරුවන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වැලිගම සිට සිය ඥාතීන් සමග මොවුන් දෙදෙනා පැමිණ ඇතැයි ද ඉන් එක් අයකු එම ස්ථානයේ දී ම මියගොස් ඇති බවත් අනෙක් දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.



