හේමලතා ඩී හේවගේ/ ඉන්දිකා රාමනායක
පන්නල පල්ලම ප්‍රදේශයේ ලීමෝලක් අසලදී අද දහවල් බොල්රෝ ජීප්රථයක් තුල පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පන්නල එලිබිච්චිය බෝගහ ජනපදයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකි. ඔහු කටුපොල් රැගෙන මාකඳුර සිට පන්නල දෙසට ගමන් කරමින් සිටියදී මෙම ස්ථානයේ රථය නතර කළ අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණ වෙඩිතබා පලා ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

