(රංජන් කස්තුරි)
ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම ලෙස පිළිගැනීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පලස්තීන මිත්‍රත්ව සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම සහ ටෙල්අවිව් නුවර පිහිටි ඇමරිකා තානාපති කාර්යාලය ජෙරුසෙලමට මාරු කිරීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට විරෝධය දක්වන බවද එම නිවේදනයේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ උල්ලංඝනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ගන්නා තීරණය මැද පෙරදිග සාමයට බාධාවක් යැයි ද එහි දැක්වේ.

