පලවැළ විස්කොත්තුවක් එයි.


දෙල්, වරකා, බෝංචි, වට්ටක්කා, හා කැරට් ඇතුළු පලතුරු හා එළවළුවලින් බිස්කට් හදා වසරකට වැඩි කාලයක් තබාගත හැකි බව පර්යේෂකයෙක් කියයි. වසර 16 ක් පුරා කළ තම පර්යේෂණ සාර්ථන වන බව ඔහු පවසයි. අමු හා ඉදුණු පලතුරුවලින් මේ විස්කොත්තු නිපදවිය හැකි බව කියන ඔහු දෙල්, වරකා, බෝංචි, වට්ටක්කා හා කැරට්වලින් බිස්කට් නිෂ්පාදනය කර ඇත. සහල් පිටි හෝ තිරිගුපිටි පාවිච්චි නොකර රට සල්ලි ද ඉතිරි කැර ගත හැකි මේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය සඳහා ඔහු ඉල්ලුම් කැර ඇත. මීට අමතරව පළතුරු ටොපි හා චොක්ලට්  නිෂ්පාදනය කීරිමට ද ඔහු මේ දිනවල පර්යේෂණ කරයි. තම නිෂ්පාදන ගැන මේ පර්යේෂකයා මහින්ද රාජපක්ෂ මහතාට දන්වා ඇති අතර වැඩිදුර කටයුතු කිරීම සඳහා සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාට යොමු කැර ඇත. බියගම අතපත්තු නමින් දැනට හඳුන්වා ගන්නා මේ පර්යේෂකයා 071 0880358 අංකයෙන් ඇමතිය හැකියි.