පරීක්ෂණයකට ලිඛිත පැමිණිල්ලක් ඕනෑලු


බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන

ගෑස් ටෙන්ඩරය පිරිනැමීමේ ක්‍රියාදාමයේදී යම් ගැටළුවක් ඇති බවට ලිඛිත පැමිණිල්ලක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්  කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා පැවසීය.

‘වරදක් වී ඇත්නම් ටෙන්ඩර් එකේ ඵලදායිතාවයක් නෑ. එය හරියට සැකසී නැත්නම්  ඊට අවශ්‍ය පියවර ගත යුතුයි. ‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

ලිට්‍රෝ සමාගමේ කළමනාකරණය ගැන ද සොයා බලන බව ද  කබීර් හෂීම් මහතා සදහන් කළේය.

අද පෙරවරුවේදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය