පරීක්ෂණ කලාට පොලීසියේ හතරකගේ වැඩ තහනම්
පැමිණිලි විභාගයක් සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකළැයි දෙහිවල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
ක්‍රේඩිට් කාඩ් වංචාවක් ගැන පැමිණිල්ලක් විභාග කරද්දී උසස් පොලිස් නිලධරයකුගේ ඥාතියකු බව කියන පුද්ගලයකුගේ ජංගම දුරකතනයේ විස්තර ලබා ගත්තැයි කියන සිද්ධියක් වැඩතහනමට හේතුවීයැයි පොලිස් ආරංචි කියයි.

